FAST NEWS

24×7 Around the Globe

MCC ගිවිසුමට නීතිපති අනුමැතිය ලබාදී නැහැ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – MCC ගිවිසුමේ අන්තර්ගතයට තමන් අනුමැතිය ලබාදී ඇති බවට පළවන ඇතැම් මාධ්‍ය වාර්තා සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරන බව නීතිපතිවරයා ප්‍රකාශ කර ඇත.   

නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිළධාරිනී රජයේ අධිනීතීඥ නිෂාරා ජයරත්න මෙනවිය කියාසිටියේ අදාළ කරුණ තවමත් අධ්‍යයනය කෙරෙමින් පවතින බවයි.