ම්ලේච්ඡත්වයට විසඳුමක් ලෙස මරණ දඬුවම කි‍්‍රයාත්මක කිරීම පිළිගත නොහැකි බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ. ඩී. ලාල් කාන්ත පවසයි.
ඒ කොළඹ මහජන පුස්තකාලයේ පැවති සංවාදශීලී සම්මන්ත‍්‍රණයකට එක්වෙමින්.සමාජ, ආර්ථික දේහය තුළ බරපතල කඩාවැටීම් රැසක් පවතින බවත් ඊට විසඳුම් ලබාදීම වෙනුවට මරණ දඬුවම කි‍්‍රයාත්මක කිරීම අනුමත කළ නොහැකි බවත් ඔහු මෙහිදී පෙන්වා දුන්නා.







