FAST NEWS

24×7 Around the Globe

පාර්ලිමේන්තුව කැදවීමේ ගැසට් නිවේදනය නිකුත් වෙයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පසුගිය මහ මැතිවරණයෙන් තෝරා පත් කර ගැනුණු මන්ත්‍රීවරුන් රැස්වන 9 වන පාර්ලිමේන්තුවේ මංගල සභා වාරය කැදවීමේ අති විශේෂ ගැසට් නිවේදනය දැන් නිකුත් කර තිබේ.

ජනාධිපතිවරයා විසින් ඒ අනුව ලබන 20 වන දා පෙරවරු 9.30ට ශ්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තුව රැස්වන බවයි නිකුත් කර ඇති එම අති විශේෂ ගැසට් නිවේදනයේ දැක්වෙයි.

තවද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ එම ධූරයට පත් කළ බව සහ නව අමාත්‍ය මණ්ඩලය ඇතුළත් අති විශේෂ ගැසට් නිවේදන ද මේ වන විට ප්‍රකාශයට පත් කර ඇත.