FAST NEWS

24×7 Around the Globe

ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අද සිට යළි විවෘතයි

(ෆාස්ට් නිව්ස් | ලංකාපුර) – කොවිඩ් 19 ආසාදිතයන් දෙදෙනෙකු වාර්තා වීමත් සමඟ වසා දැමුණු ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සහ එම ප්‍රාදේශීය සභාව අද (14) සිට යළි විවෘත කිරීමට නියමිතය.  

නිරෝධායන කාලය සම්පූර්ණ කිරීමෙන් අනතුරුව අදාළ කාර්ය මණ්ඩල අද දිනයේ යළි සේවයට වාර්තා කරන බව ලංකාපුර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කළේය.

පසුගිය ජුලි මස 30 වැනිදා සහ අගෝස්තු 03 වැනිදා ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කාර්යාල කාර්ය සහයකයෙකුට සහ එහි ආරක්ෂාවට යොදවා සිටි සිවිල් ආරක්ෂක බලකායේ සාමාජිකයෙකුට කොරෝනා ආසාදිතයන් බවට හඳුනාගනු ලැබීය.

ඒ අනුව සෞඛ්‍ය අංශ මැදිහත් වී වහාම ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සහ එම ප්‍රාදේශීය සභාව වසා දැමීමට පියවර ගැනුණි.