FAST NEWS

24×7 Around the Globe

මත්කුඩු ජාවාරම්කරු සිද්ධික්ගේ එල්.ටී.ටී සබඳකම් විමර්ශනයට සැරසේ.

මෙරට ප්‍රධාන පෙළේ මත්කුඩු ජාවාරම්කරුවෙකු ලෙස සැළකෙන මොහොමඩ් සිද්ධික් එල්ටීටීඊ ත්‍රස්තවාදීන් සමග පැවැත් වූ සබදතා පිළිබඳ ජාත්‍යන්තර පොලීසියේ සහාය ලබාගෙන පරීක්ෂණ පවත්වන බව රහස් පොලිසිය පවසනවා.

මත්කුඩු ජාවාරම්කරුවෙකු වූ දැනට මරණීය දණ්ඩනය නියම වී ඇති වෙලේ සුදාගෙන් රහස් පොලීසිය කළ ප්‍රශ්න කිරීම්වලදී මොහොමඩ් සිද්ධික් පිළිබද තොරතුරු හෙළි වුණා.ඒ අනුව දිගින් දිගටම පැවැත් වූ පරීක්ෂණවලින් අනතුරුව මොහොමඩ් සිද්ධික් පසුගිය මාර්තු 18වනදා පාකිස්තානයේදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආවා.

රැදවුම් නියෝග මත ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී මත්කුඩු ජාවාරමේ තොරතුරු රැසක් හෙළි කර ගැනීමට පොලීසිය සමත් වුණා.ඔහු එල්ටීටීඊ ය සමග පැවැත් වූ සම්බන්ධතා සම්බන්ධයෙන් ජාත්‍යන්තර පොලීසියේ සහාය ඇතිව පරීක්ෂණ පවත්වන බවයි රහස් පොලීසිය අධිකරණය හමුවේ ප්‍රකාශ කළේ.

මේ අතර මොහොමඩ් සිද්ධික් ලබන තිස්වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අද නියෝග කළා.