FAST NEWS

24×7 Around the Globe

ජනමාධ්‍ය ඇමති සුබ මොහොතින් වැඩ අරඹයි[PHOTO]

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ජනමාධ්‍ය ඇමති කෙහෙලිය රඹුක්වැල්ල මහතා අද (13) ජනමාධ්ය අමාත්යංශයේ දී සිය ධුරයේ රාජකාරි අරම්භ කළේය.

සිය ධුරයේ වැඩ අරඹමින් ඔහු පැවසුවේ රට තුළ ස්වාධීන හා අපක්ෂපාතී මාධ්‍ය සම්ප්‍රධායක් ගොඩනගන බවයි.

රජයේ අඩුපාඩු ඕනෑම අවස්තාවක විවේචනය කිරීමට ඉඩ ඇති බවද ඔහු සඳහන් කළේය.

කෙහෙළිය රඹුක්වැල්ල මහතා ජනමාධ්‍ය අමාත්‍යවරයා වශයෙන් ඊයේ(12) මහනුවර ඓතිහාසික මගුල් මඩුවේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේදී දිවුරුම් දුන්නේ ය.

කෙහෙළිය රඹුක්වැල්ල මහතා මිට පෙර ද ජනමාධ්‍ය අමාත්‍ය ධුරයේ කටයුතු කර තිබේ.

තිස්වසරක යුද්ධය පැවැති අවස්ථාවේ දී පැවති රජයේ මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස ද සුවිශේෂි කාර්යභාරයක් කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඉටු කළේය.