FAST NEWS

24×7 Around the Globe

සමගි ජනබලවේගයේ ජාතික ලැයිස්තුව නම් කෙරේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන්ගේ නම් ලැයිස්තුව සකස් කර අවසන් බව එම පක්ෂයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පවසයි.  

අදාළ නාම ලේඛනය අද (13) දිනයේ මැතිවරණ කොමිෂන් සභාව වෙත යොමු කිරීමට නියමිතව ඇත.

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයෙන් සමගි ජන බලවේගයට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර 07ක් හිමිව තිබුණි.

අදාළ මන්ත්‍රී ධුර පිරිනැමීමේ දී සමගි ජන බලවේගය සමග එක්ව සිටින සුළු පක්ෂවලට ද අවස්ථාවක් ලබාදිය යුතු බවට එම පක්ෂවල නායකයින් ඉල්ලීම් කිරීමත් සමග ජාතික ලැයිස්තු නම් කිරීම ප්‍රමාද විය.

ඒ අනුව සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර සඳහා රංජිත් මද්දුමබණ්ඩාර, හරින් ප්‍රනාන්දු ඉමිතියාස් බාකිර් මාකර්, තිස්ස අත්තනායක, එරාන් වික්‍රමරත්න, මයන්ත දිසානායක සහ ඩයනා ගමගේ යන අය නම් කර ඇති බව සඳහන්ය.