FAST NEWS

24×7 Around the Globe

නව කැබිනට් මණ්ඩලය ලබන බදාදා රැස්වේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – නව කැබිනට් මණ්ඩලය ලබන 19 වන බදාදා පස්වරුවේදී රැස්වීමට නියමිතය.

ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙනි.

පළමු කැබිනට් රැස්වීම ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වීමට නියමිත බව වාර්තාවේ.

මේ අතර 9 වන පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය ලබන 20 වනදා පෙරවරු 10 ට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ් ප්‍රධානත්වයෙන් ආරම්භ කිරීමට සියලු කටයුතු සුදානම් කර ඇත.

මංගල සැසිවාරය සෞඛ්‍ය මාර්ගෝපදේශන යටතේ සිදුකිරීමට නියමිත අතර මෙවර එය නැරඹීමට පැමිණෙන අමුත්තන් මෙන්ම මන්ත්‍රීවරුන්ගේ සමීපතමයින්ගේ සංඛ්‍යාව සීමා කර ඇති බව පාර්ලිමේතු බලධාරීන් සඳහන් කරයි.