FAST NEWS

24×7 Around the Globe

කෝටියක හෙරොයින් සමඟ කාන්තාවක් අත්අඩංගුවේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – හෙරොයින් 1Kg සමඟ කාන්තාවක් කැළණිය කොට්ඨාසයේ විශේෂ වැටලීම් කණ්ඩයාමක් විසින් අද(12) අත්අඩංගුවට ගෙන තිබේ.

එහි වටිනාකම රුපියල් කෝටියකට ආසන්න වේ.

සැකකාරිය පිටකෝට්ටේ, බැද්දගාන ප්‍රදේශයේදි අත්අඩංගුවට ගෙන ඇත.

එම කාන්තාව සතුව තිබී රුපියල් ලක්ෂ 70 ක මුදලක්ද සොයා ගැනුණි.

මෙම හෙරොයින් තොගය ඇසුරුම් කරමින් සිටියදී ඇය අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.