FAST NEWS

24×7 Around the Globe

මාලක සිල්වාට ඇප

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පොලිස් අත්අඩංගුවට ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මර්වින් සිල්වාගේ පුත් මාලක සිල්වාට ඇප ලබාදී ඇත.   

ඒ ඔහු කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

ව්‍යාපාරිකයෙකුගෙන් කප්පම් මුදල් ඉල්ලා මරණ තර්ජන කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලකට අදාළව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මර්වින් සිල්වාගේ පුත් මාලක සිල්වා තලංගම පොලිසිය ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගනු ලැබීය.