FAST NEWS

24×7 Around the Globe

අංගොඩ ලොක්කාගේ ප්‍රධාන වෙඩික්කරු මරුට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අංගොඩ ලොක්කාගේ ප්‍රධාන වෙඩික්කරු වූ අසිත හේමතිලක හෙවත් “සොල්ටා”, මුල්ලේරියාව වැලිවිටදී පොලීසියට අත්බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමට තැත් කළ අවස්ථාවේ පොලීසිය කළ වෙඩි තැබීමකින් මියගිය බව පොලිසිය පවසයි.    

මෙම සොල්ටා නැමැති සැකකරු මනුෂ්‍ය ඝාතන රැසකට සම්බන්ධ අයෙකු ද වෙයි.

අදාළ සැකකරු මීට පෙර මුල්ලේරියාව ප්‍රදේශයේදී ගංජා සමඟ අත්අඩංගුවට ගෙන වසරකට ආසන්න කාලයක් බන්ධනාගාරගතව සිට ඇපමත නිදහස්ව ඇති බව සඳහන් වෙයි.

මොහු පන්නිපිටියේ රූපලාවන්‍ය ශිල්පිනියක ඝාතනය කිරීමේ සිද්ධියේ එක් සැකකරුවෙකු බව ද වාර්තා වෙයි.

මාලඹේ චන්ද්‍රිකා කුමාරතුංග මාවතේ පිහිටි ශරීර සුවතා මංතීරුවේදී පොලී රොෂාන් නැමැත්තා ඝාතනය කිරීමේ ප්‍රධාන සැකකරු වන්නේද සොල්ටා නමැති මෙම සැකකරු බව පොලිසිය පවසයි.