FAST NEWS

24×7 Around the Globe

ප්‍රදේශ කිහිපයකට අදත් වැසි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – සබරගමුව, මධ්‍යම සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඌව පළාතේ ස්ථාන ස්වල්පයක පස්වරු 2.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත්කර ඇති එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

දිවයින හරහා විශේෂයෙන් උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට, ත්‍රිකුණාමලය සහ මාතලේ දිස්ත්‍රික්කවල සහ මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශ වලත් විටින් විට හමන තද සුළං පැ.කි.මි.(40-50) දක්වා වර්ධනය විය හැකි බවද එම නිවේදනයේ සඳහන් වේ.