FAST NEWS

24×7 Around the Globe

බන්ධනාගාර රැඳවියන් හමුවීමට යළි අවස්ථාව

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ලබන 15 වැනි දා සිට බන්ධනාගාරගත රැඳවියන් හමුවීම සඳහා යළි අමුත්තන්ට අවස්ථාව ලබා දෙන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

සතියකට එක් අමුත්තෙකුට පමණක් ඒ සඳහා අවස්ථාව හිමිවන බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා සඳහන් කළේය.

රැඳවියා හමුවිය හැක්කේ, රැඳවියා විසින් නම් කරනු ලබන ළඟම ඥාතියෙකුට පමණක් බව ද ඔහු පැවසුවේ ය.

ඔවුන් හමුවීමට පැමිණිමේදී ආහාර රැගෙන ඒමට අවස්ථාවක් නොලැබෙන අතර සනීපාරක්ෂක ද්‍රව්‍ය පමණක් ලබාදීමට අවස්ථාව සලසා තිබේ.

සියලු බන්ධනාගාර ආශ්‍රිතව එම කටයුතු ක්‍රියාවට නංවන බව බන්ධානාගාර කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේය.

පසුගිය මස 11 වැනි දා සිට සියලු බන්ධානාගරවල රැඳවියන් බැලීමට අමුත්තන් පැමිණීම තාවකාලිකව අත්හිටුවනු ලැබුවේ ය.

ඒ, වැලිකඩ බන්ධනාගාරයෙන් කොරෝනා ආසාදිතයෙකු හමුවීමත් සමග උද්ගත වූ තත්ත්වය සැලකිල්ලට ගනිමිනි.