FAST NEWS

24×7 Around the Globe

මවකට සහ දියණියකට දිවි අහිමි කළ රිය අනතුර

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – දොම්පේ, සමනබැද්ද මල්වාන ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් මවක සහ දියණියක ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසයි.   

මල්වාන දෙස සිට සමනබැද්ද දෙසට ධාවනය වූ මෝටර් රථයක් එහි රියදුරුට පාලනය කරගත නොහැකිව ඉදිරියෙන් පැමිණි යතුරුපැදියක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.

යතුරුපැදියේ ගමන් කළ කාන්තාවක් හා ඇයගේ දියණිය අනතුරින් බරපතළ තුවාල ලබා දොම්පේ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව දෙදෙනාම මිය ගිය බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේය.

මෙම අනතුරින් මිය ගොස් ඇත්තේ වැලිකැටිය, වෙල්ගම ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි මවක් හා 19 හැවිරිදි ඇගේ දියණියයි.