FAST NEWS

24×7 Around the Globe

නව සභිකයින් ලියාපදිංචිය ලබන 15 වැනි දාට පෙර

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පාර්ලිමේන්තුව විසින් මහ මැතිවරණයෙන් තේරීපත් වූ සභිකයින් පාර්ලිමේන්තුවේ ලියාපදිංචි වීම ලබන 15 වැනි දාට පෙර සිදු කරන්නැයි දැනුම් දී තිබේ.

මාර්ග ගත ක්‍රමයට මෙම කටයුතු සිදු කිරීමට අවස්ථාව සලසා ඇති බව පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම් නීල් ඉද්දවෙල පැවසුවේය.

කිසිදු සභිකයෙක් පාර්ලිමේන්තුවට පැමිණීමෙන් තොරව නව ක්‍රමවේදය හරහා සිය ලියාපදිංචිවීම සිදු කරගත හැකි බව ඔහු සඳහන් කළේය.

එහිදී තේරිපත් වූ සභිකයින්ගේ අධ්‍යාපන සුදුසුකම්, වෘත්තීය සුදුසුකම්, ඡායාරූප , ආගම ඇතුළු තොරතුරු රැස්කිරීමට පියවර ගනු ඇති.

WWW.PARLIMENT.LK වෙබ් අඩවියෙන් නව ලියාපදිංචිවීම සිදු කළ හැකි බව නියෝජ්‍ය මහ ලේකම්වරයා පැවසුවේ ය.