FAST NEWS

24×7 Around the Globe

සිය සහෝදරයා ගැන පසුතැවෙන මනෝගනේෂන්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – “මට මේ වගේ බාල සහෝදරයෙක් නැහැ”  යනුවෙන් මනෝගනේෂන් පවසයි.

මෙරට නව අග්‍රාමාත්‍යවරයා ලෙස ඊයේ දිවුරුම් දීමෙන් පසු තම බාල සහෝදරයා වන ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා දණ ගසා වඳින ඡායාරූපය උපුටා දක්වමින් දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ නායක මනෝ ගනේෂන් තම නිල ෆේස්බුක් පිටුවේ මේ බව පළ කර තිබුණි.

මට එවැනි සහෝදරයෙක් නැතුව පාලුයි ..!

උපතින්ම මට “අයියා” කියන අයද, සමාජයේ “අයියා” ලෙස ආමන්ත්‍රණය කරන බොහෝ දෙනෙක් සිටියද ඒ බහුතරය පිටුපසින් තම පිටට පහර දෙන අය බව ඔහු සඳහන් කරයි.

නමුත් රාජපක්ෂ සහෝදරයන් අතර ගැටුම් තිබෙන බව සමාජයට පෙන්වුවද එය ඒසේ නොවන බවත් රාජපක්‍ෂ පවුලේ සාර්ථකත්වයේ රහස මෙම සහෝදරකම බවත් ඔහු පෙන්වා දෙයි.