FAST NEWS

24×7 Around the Globe

හිටපු ජනපති මහින්ද පාර්ශවයේ විරෝධතා ඉවතට.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නීතිඥයින් බරපතළ වංචා දූෂණ සෙවීම සඳහා පත් කෙරුණු ජනාධිපති පරීක්ෂණ කොමිසමට එරෙහිව ඉදිරිපත් කළ විරෝධතා පිළිනොගන්නා බව එම කොමිසම පවසයි.

බරපතළ වංචා දූෂණ සෙවීම සඳහා පත් කෙරුණු ජනාධිපති පරීක්ෂණ කොමිසමේ ලේකම් ලැසිල් ද සිල්වා මහතා පැවසුවේ, සාමාන්‍ය පරිදි අදාළ විමර්ශන කටයුතු ඉදිරියට ගෙන යන බව ය.

ඒ අනුව අද උදෑසන කොමිසම හමුවට පැමිණි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු අනෙක් පුද්ගලයින්ගෙන් සාක්ෂි සටහන් කර ගැනීම සිදු කෙරෙනු ඇති.

පසුගිය ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් ස්වාධීන රූපවාහිනියට අයවිය යුතු මුදල් නොගෙවූ බවට වන සිද්ධියක් සම්බන්ධයෙන් එම විමර්ශන සිදු කරයි.