FAST NEWS

24×7 Around the Globe

නව අග්‍රාමාත්‍යධුරයේ දිවුරුම් දීම අද

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මෙරට 09 වන පාර්ලිමේන්තුවේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා දිවුරුම්දීමේ උත්සවය අද (09) පැවැත්වීමට කටයුතු යොදා ඇත.

අද පෙරවරු 9.00 කැලණිය රජමහා විහාරස්ථානයේ දී නව අග්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා දිවුරුම් දෙනු ලැබේ.

මෙවර මහ මැතිවරණයට කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් තරග කළ ඒ මහතා මෙරට වැඩිම මනාප සංඛ්‍යාවක් ලබාගනිමින් ජය හිමිකර ගත්තේය.

2004,2008 සහ 2019 යන වර්ෂවල දී අවස්ථා 03 කදී මීට පෙර මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයට පත්ව ඇති අතර අද අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දෙන්නේ සිව්වන වරටයි.