FAST NEWS

24×7 Around the Globe

පුද්ගලයින් රැසක් තවදුරටත් නිරෝධායන මධ්‍යස්ථානවල

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ත්‍රිවිධ හමුදාව මගින් පවත්වාගෙන යන නිරෝධායන මධ්‍යස්ථානවල මේ වන විට පුද්ගලයින් 1856 දෙනෙකු නිරෝධායනයට ලක්වෙමින් සිටින බව කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

අද (08) දිනය තුළදීත් යුද හමුදාව මගින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථානවල රැඳී සිටි පුද්ගලයින් 68 දෙනෙකු නිරෝධායන කටයුතු අවසන් කර පිටව යාමට නියමිතය.

එම පිරිස ද සමග මේ වන විට පුද්ගලයින් 29,709 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර පිටව ගොස් ඇති බව යුද හමුදාව සඳහන් කළේය.

ඊයේ දිනය තුළ දී ද පී.සී.ආර් පරීක්ෂණ 910 ක් සිදුකර ඇති අතර මේ වන විට මෙරට තුළ සිදුකර ඇති සමස්ත පී.සී. ආර් පරීක්ෂණ සංඛ්‍යාව 167,672ක් වේ.