FAST NEWS

24×7 Around the Globe

පොල්ගොල්ල ජලාශයේ වාන් දොරටු 3 ක් විවෘත කෙරේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට ඇද හැලෙන වර්ෂාවත් සමඟ මහවැලි ගඟේ ජල මට්ටම ඉහළ යාම නිසා පොල්ගොල්ල ජලාශයේ වාන් දොරටු තුනක් විවෘත කර තිබේ.

ජලාශය භාර විධායක ඉංජිනේරු කාර්යාලයේ ප්‍රකාශයෙකු සඳහන් කළේ අද (07) පෙරවරුවේ අඩි දෙක බැගින් එම වාන් දොරටු විවෘත කර ඇති බවයි.