FAST NEWS

24×7 Around the Globe

නිල නොවන ඡන්ද ප්‍රතිඵල හුවමාරු කිරීමෙන් වළකින ලෙසට ඉල්ලීමක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  මහ මැතිවරණයට අදාළ ෆේස්බුක් හා WhatsApp සමාජ මාධ්‍ය යෙදුම් මඟින් නිල නොවන මැතිවරණ ප්‍රතිඵල හුවමාරු වන බව වාර්තා වෙයි. 

ගණන් කිරීමේ මධ්‍යස්ථානවල සිටින ‍දේශපාලන පක්ෂ නියෝජිතයන් හරහා එම නිල නොවන ප්‍රතිඵල පිටවන බව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයට නිරීක්ෂණය වී ඇතැයි ද එම සංගමය නිවේදනයක් නිකුත් කරමින් සඳහන්කර සිටියි.

මැතිවරණ කොමිසම විසින් අනුමත නොකරන ලද , නිල නොවන ප්‍රතිඵල විද්‍යුත් මාධ්‍ය හරහා හෝ සමාජ ජාල හරහා හුවමාරු කිරීමෙන් වැළකී සිටින ලෙස ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය ලෙස ඉල්ලා සිටිමු.