FAST NEWS

24×7 Around the Globe

තවත් කොරෝනා ආසාදිතයන් පිරිසක් පූර්ණ සුවය ලබයි

(ෆාස්ට් නිව්ස් | කොවිඩ් 19) –  මෙරට සමස්ත කොරෝනා වෛරස් ආසාදිතයන් අතුරින් තවත් 04 දෙනෙකු සුවය ලබා ඇති බව සෞඛ්‍ය අංශ තහවුරු කරයි.  

ඒ අනුව සුවය ලැබූ සමස්ත ගණන 2541 දක්වා ඉහළ යයි.

ඊයේ (05) දිනයේදී මුල්ලේරියාව මූලික රෝහලෙන් රෝගීන් දෙදෙනෙක් ද , IDH  හා මිනුවන්ගොඩ මූලික රෝහලෙන් එක් අයෙකු ද බැගින් සුවය ලබා පිටව ගොස් තිබේ.

ශ්‍රී ලංකාවෙන් ගතවූ පැය 24 තුළදී ආසාදිතයන් 05 දෙනෙකු වාර්තා වූ අතර , ඒ අනුව සමස්ත ආසාදිතයන් ගණන 2839 දක්වා ඉහළ ගියහ.