FAST NEWS

24×7 Around the Globe

කුරුණෑගල නගරාධිපතිවරයා අත්අඩංගුවට ගැනීමට නියෝග

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – නීතිපතිවරයා විසින් කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ, නාගරික කොමසාරිස්වරයා ඇතුළු තුන්දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලෙස වැඩබලන පොලිස්පතිවරයාට නියෝග කර තිබේ.

පුරාවිද්‍යා වටිනාකමක් සහිත කුරුණෑගල බුවනෙක හෝටලය කඩා බිඳ දැමීමේ චෝදනාව සම්බන්ධයෙන් අධිකරණ වරෙන්තුවක් ලබාගෙන මෙලෙස අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා නියෝග කර ඇත.