FAST NEWS

24×7 Around the Globe

මහ මැතිවරණයේ ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය 60% ඉක්මවයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – 9 වැනි පාර්ලිමේන්තුවට සභිකයින් තෝරා ගැනීම සඳහා වූ ඡන්ද විමසීම අද පස්වරු 5ට අවසන් විය.

මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ, ප්‍රකාශිත සමස්ත ඡන්ද ප්‍රතිශතය 60% ඉක්මවන බවයි

මැතිවරණ දිස්ත්‍රික්ක 22ක් පුරා ස්ථාපිත ඡන්ද මධ්‍යස්ථාන 12 ,985 කදී පෙරවරු 7 ට ඡන්ද විමසීම ආරම්භ විය.

කොට්ඨාස 166 කින් මහජන නියෝජිතයින් 196 දෙනෙකු තෝරා පත් කර ගැනීම සඳහා පැවති මෙම ඡන්ද විමසීමට තරග කරන අපේක්ෂකයින් සංඛ්‍යාව 7452 කි.

මෙවර ඡන්දය භාවිත කිරීම සඳහා සුදුසුකම් ලබා සිටි ඡන්ද දායකින් සංඛ්‍යාව 16,263,885 කි.