FAST NEWS

24×7 Around the Globe

සමාජ මාධ්‍ය ජාල ගිණුම් හිමියන්ට මැතිවරණ කොමිසමෙන් නිවේදනයක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඡන්ද මධ්‍යස්ථානවල ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථා සහ සලකුණු කරන ලද ඡන්ද පත්‍රිකා, ඡායාරූපගත කර හා වීඩියෝගත කර සමාජ ජාල ඔස්සේ මුදාහැරීමට ඇතැම් ඡන්ද දායකයින් විසින් කටයුතු කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය පවසයි.

එසේ කිරීම මැතිවරණ නීති උල්ලංඝණය කිරීමක් බැවින් එවැනි ක්‍රියාවලින් වැළකෙන ලෙස සියලු සමාජ මාධ්‍ය ජාල ගිණුම් හිමියන් හා පරිපාලකයන් වෙත දැනුම්දෙන බව නිවේදනයක් නිකුත් කරමින් සභාපතිවරයා සඳහන් කරයි.