FAST NEWS

24×7 Around the Globe

මෙවර කොළඹ අවසන් නිල ජන්ද ප්‍රථිපලය නිකුත් කරන ස්ථානය

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  කොළඹ අවසන් ජන්ද ප්‍රතිඵල නිකුත් කිරීමේ මධ්‍යස්ථානය මෙවර බණ්ඩාරණායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී සිදු කිරීමට නියමිතයි. 

කොළඹ මැතිවරණ බල ප්‍රදේශයට අයත් ජන්ද කොට්ඨාශ 15 හි ජන්ද ප්‍රතිඵල සහ කොළඹ මැතිවරණ බල ප්‍රදේශයේ සමස්ත අවසන් ප්‍රතිඵලය නිකුත් කිරීමේ නිවේදිත මධ්‍යස්ථානය ලෙස මෙවර කොළඹ 07 බෞද්ධාලෝක මාවතේ බණ්ඩාරණායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රය යොදා ගන්නා බව දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී සහ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මහතා සඳහන් කර සිටියේය.

මෙතෙක් පැවති මැතිවරණවලදී කොළඹ රාජකීය විද්‍යාලය දිස්ත්‍රික්කයේ අවසන් ප්‍රතිඵල නිකුත් කිරීමේ මධ්‍යස්ථානය ලෙස යොදා ගත්ත ද, පවත්නා කොවිඩ් 19 තත්ත්වය යටතේ සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයක් ලෙස මෙවර එය වෙනස් කිරීමට පියවර ගෙන ඇත.