FAST NEWS

24×7 Around the Globe

සම්පායෝ ඇතුළු සිව් දෙනා යළි රිමාන්ඩ්

(ෆාස්ට් නිව්ස් | මීගමුව) – රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු මීගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරි අනුරුද්ධ සම්පායෝ ඇතුළු සැකකරුවන් සිව් දෙනා යළි රක්‍ෂිත බන්ධනාගාර ගත කෙරුණි.

ඒ ලබන 18 වන දා දක්වාය.

ඔවුන් අද (04) මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණි.

අධිකරණයෙන් වරෙන්තු ලබා සිටි සම්පායෝ දින 11ක කාලයක් අධිකරණය මඟහැර සැඟව සිටි අතර පසුව ඔහු ඉරිදා කුරුණෑගල දී අත්අඩංගුවට පත්වුණි.

මීගමුව බන්ධනාගාරයේ රඳවා සිටි සැකකරුවන් පිරිසකට නීති විරෝධී ආකාරයෙන් පහසුකම් ලබා දීම ඔවුන්ට එරෙහිව ඇති චෝදනාවවේ.