FAST NEWS

24×7 Around the Globe

මරණ දඬුවම් නියම වූ ප්‍රේමලාල් ජයසේකරගෙන් අභියාචනයක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මනුෂ්‍ය ඝාතන චෝදනාවකට මරණ දඞුවම ලැබ සිටින මහමැතිවරණ අපේක්ෂක ප්‍රේමලාල් ජයසේකර වෙනුවෙන් අභියාචනාධිකරණය වෙත පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.  

ප්‍රේමලාල් ජයසේකර වෙනුවෙන් ඔහුගේ නීතිඥයන් විසින් මෙම පෙත්සම ගොණුකර ලැබ ඇත.

2015 ජනාධිපතිවරණය සමයේදී පොදු අපේක්ෂකයා වූ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ආධාරකරුවෙකුට වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර ඇතුලු තිදෙනෙකුට රත්නපුර මහාධිකරණය විසින් මරණ දඩුවම නියම කරනු ලැබීය.