FAST NEWS

24×7 Around the Globe

නිරෝධායනය අවසන් කළ තවත් පිරිසක් නිවෙස් වෙත

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද (04) කොරෝනා වසංගත තත්වය හමුවේ හමුදා නිරෝධායන මධ්‍යස්ථානවල රෑඳී සිටින පිරිස අතරින් තවත් 89 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලිය සාර්ථකව අවසන් කර නිවෙස් වෙත පිටත්වයාමට නියමිතව තිබේ.

කොවිඩ් – 19 පැතිරීම ව්‍යාප්තවීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ අද දිනය වනවිට පුද්ගලයන් 29128 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලිය සම්පූර්ණ කර නිවෙස් වෙත පිටත්ව ගොස් ඇති බවයි.

ත්‍රිවිද හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 35 ක් තුල තවදුරටත් පුද්ගලයන් 2299 දෙනෙකු රැඳී සිටියි.

මේ අතර විදේශයන්හී සිට තවත් ගුවන් මගීන් 72 දෙනෙකු අද දිවයිනට පැමිණීමට නියමිතයි.

කටාර් රාජ්‍යයේ සිට 22 දෙනෙක් , ඉන්දියාවේ චෙන්නායි සිට 32 දෙනෙක් , ජෝර්ජියාවේ සිට 17 දෙනෙක් සහ අබුඩාබි සිට පුද්ගලයෙකු මෙලෙස අද දිවයිනට පැමිණිමට නියමිතව ඇත.