FAST NEWS

24×7 Around the Globe

නව පාර්ලිමේන්තුව ලබන 20 වනදා රැස්වෙයි [GAZETTE]

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  නව පාර්ලිමේන්තුව අගෝස්තු මස 20 වනදා රැස්විය යුතු බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරනු ලැබීය.   

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහ පාර්ලිමේන්තු මැතිවරණ පනතින් පැවරී ඇති බලතල ප්‍රකාරව ජනාධිපතිවරයා විසින් මෙම තීරණය ගෙන ඇත.

ජනාධිපති ලේකම්වරයාගේ අත්සනින් යුතුව ඊයේ (03) රාත්‍රියේ එය නිකුත් කළේය.