FAST NEWS

24×7 Around the Globe

ජූලි මාසයේදී උද්ධමනය ඉහළ යයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ජූනි මාසයේදී 3.9 % ක් ලෙස පැවති උද්ධමනය ජූලි මාසයේදී 4 .2% ක් දක්වා ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කළේය.   

ආහාර නොවන කාණ්ඩයෙහි අයිතමවල මිල ගණන්වල සිදු වූ ඉහළ යෑම් මේ සඳහා ප්‍රධාන වශයෙන් හේතුවී ඇත.

මේ අතර කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි වෙනස ද, ජුනි මාසයේ පැවති 4.7 % සිට ජූලි මාසයේ දී 4.8 % දක්වා ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේය.