FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී දළදා මාළිගාවේ අවසන් රන්දෝලි පෙරහැර අදයි

(ෆාස්ට් නිව්ස් | මහනුවර) – මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහැර අද (03) රාත්‍රියේ ගමන් ඇරඹීමට නියමිතය.   

අද රාත්‍රී 7 .14 ට යෙදෙන සුබ මොහොතින් දකුණු දිශාභිමුඛව පෙරහැර ගමන් ආරම්භ කිරීමට නියමිතයි.

ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා සඳහන් කළේ , පුරාණ චාරිත්‍රවලට අනුව පෙරහැර වීථි සංචාරය කරන බවයි.