FAST NEWS

24×7 Around the Globe

බස්නාහිර පොලිස් වැටලීමකින් 319 ක් අත්අඩංගුවට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – බස්නාහිර පළාත තුල ක්‍රියාත්මක කළ විශේෂ පොලිස් මෙහෙයුමකින් තවත් සැකකරුවන් 319 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය ප්‍රකාශ කරයි. 

ඊයේ (02) පස්වරු 06 සිට අද (03) පෙරවරු 5 දක්වා කාලය තුළ මෙම වැටලීම සිදුකර ඇති අතර , මෙම මෙහෙයුමේදී වැඩිම සැකකරුවන් ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන ඇත්තේ හෙරොයින් සම්බන්ධ චෝදනා යටතේයි.

ඒ සම්බන්ධ සැකකරුවන් 125 දෙනෙක් ද , ගංජා සම්බන්ධ චෝදනා යටතේ 56 ක් , නීති විරෝධි මත්පැන් සම්බන්ධ චෝදනා යටතේ 108 ක්, ගෝඩා හා අයිස් ලබාගත් 19 දෙනෙක් ද සැකකරුවන් අතර වෙයි.

මීට අමතරව සිදුකරන ලද වෙනත් වැටලීම් සංඛ්‍යාව 11 ක්.