FAST NEWS

24×7 Around the Globe

සම්පායෝ අධිකරණයට ඉදිරිපත් කරයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  අත්අඩංගුවට ගත් දැනට වරෙන්තු ලබා සිටින මීගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරි අනුරුද්ධ සම්පායෝ මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා රැගෙන යයි.

ඔහු මීගමුව මූලස්ථාන පොලිසියේ කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගැනුණි.

මීගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරි අනුරුද්ධ සම්පායෝ දින 11කට පසු කුරුණෑගල නගරයේදී පොලීසියට භාරවීමෙන් පසුව අත්අඩංගුවට ගත්තේය.

මීගමුව බන්ධනාගාරයේ රැඳවියන්ට පහසුකම් සැපයීම මොහුට විරුද්ධව එල්ල වී ඇති චෝදනාවයි.

ඔහු ඇතුලු හතරදෙනෙකු අත්අඩංගුවට ගැනීමට මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය පසුගිය මස 22 වනදා වරෙන්තු නිකුත් කළේය.