FAST NEWS

24×7 Around the Globe

ඡන්ද පෙට්ටිවල ආරක්ෂාවට විශේෂ වැඩපිළිවෙලක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වෙන දින රාත්‍රියේ ඡන්ද පෙට්ටිවල ආරක්ෂාව සහතික කිරීම සඳහා ආරක්ෂක නිලධාරීන්ට අමතරව දේශපාලන පක්ෂ නියෝජිතයන්ටත් අවස්ථාව ලබාදී තිබේ.

මැතිවරණ කොමිසම තීරණය කර ඇත්තේ මැතිවරණ බල ප්‍රදේශයකට දෙදෙනෙකු බැගින් සෑම දේශපාලන පක්ෂයකටම ගණන් කිරීමේ මධ්‍යස්ථාන පරිශ්‍රයේ සිය නියෝජිතයන් රඳවා තැබීමට අවස්ථාව හිමිවන බවයි.

එසේම ඡන්දදායකයන්ගේ සෞඛ්‍ය ආරක්ෂිත බව උපරිමව තහවුරු කර ඇති බවද මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය සඳහන් කළේය.