FAST NEWS

24×7 Around the Globe

සාකච්ඡා සාර්ථකයි.වරාය සේවක වර්ජනය අවසන්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – වර්ජනයේ නිරත වරාය සේවකයන් සිය වෘත්තීය ක්‍රියාමාර්ගය අත්හිටුවීමට තීරණය කර තිබේ.

ඒ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සමග පැවති සාකච්ඡාවේදී ඇතිවූ එකඟතාවලට අනුවය.

අද උදෑසන වීරකැටිය කාල්ටන් නිවසේ්දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සමඟ පැවති සාකච්ඡාව සාර්ථක ලෙස අවසන් වූ බව වරාය වෘත්තිය සමිති ප්‍රකාශ සඳහන් කළේය

ඔවුන් මෙම සාකච්ඡාවට එළඹුණේ කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් වෘත්තිය ක්‍රියාමාර්ගයකට එළඹ සිටියදිය.

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට ලබා නොදී එය ශ්‍රී ලංකා වරාය අධිකාරියට පවරණ ලෙසට ඉල්ලමින් වරාය වෘත්තිය සමිති 23ක් එක්ව සත්‍යග්‍රහයක් ආරම්භ කළේය.

මේ හේතුවෙන් කොළඹ වරායේ සියලූ මෙහෙයුම් කටයුතු අඩාල වී තිබුණි.