FAST NEWS

24×7 Around the Globe

කැළණි ගඟේ ගිලී සිසුන් දෙදෙනෙකු අතුරුදන්

(ෆාස්ට් නිව්ස් | ගම්පහ) – කැළණි ගෙඟ් දිය නෑමට ගිය පාසල් සිසුන් දෙදෙනෙකු දියේ ගිලී අතුරුදන්වී තිබේ.

කිරිඳිවැල – රන්වල පාලම අසලින් කැළණි ගඟට බසින ලද සිසුන් දෙදෙනෙක් මෙලෙස දියේ ගිලී ඇත.

ඔවුන් මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටිීමට නියමිත බව පොලීසිය සඳහන් කරයි.

19 හැවිරිදි මෙම පාසල් සිසුන් දෙදෙනා වැලිවේරිය සහ මුදුන්ගොඩ ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.

පිරිමි ළමයින් අටදෙනෙකු සහ ගැහැණු ළමයින් තුන්දෙනෙකු ඊයේ මෙලෙස දිය නෑමට පැමිණ ඇති අතර, මිතුරෙකුගේ නිවසට පැමිණි ඔවුන් වැඩිහිටියන්ට නොදන්වා එම ස්ථානයේ දිය නෑමට ගොස් ඇති බවයි පොලීසිය සඳහන් කළේ.