FAST NEWS

24×7 Around the Globe

නිරෝධායනය අවසන් කළ තවත් පිරිසක් නිවෙස් වෙත

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද (31) දිනයේදී නිරෝධායනය නිමවා පුද්ගලයන් 271 දෙනෙකු නිවෙස් වෙත පිටත්ව යාමට නියමිත බව යුධ හමුදාව පවසයි.

කොවිඩ් -19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කලේ ඔවුන් මධ්‍යස්ථාන 06 ක නිරෝධායනය වෙමින් සිටි අය බවයි.

මේ අනුව අද දිනය වනවිට නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර නිවෙස් බලා පිටත්ව ගොස් ඇති සමස්ත සංඛ්‍යාව 28,540 කි.

ත්‍රිවිධ හමුදා නිරෝධායන මධ්‍යස්ථාන 33 ක් තුළ පුද්ගලයන් 2100 දෙනෙකු තවදුරටත් නිරෝධායනය වෙමින් සිටියි.