FAST NEWS

24×7 Around the Globe

විදෙස් ගතව සිටි තවත් පිරිසක් දිවයිනට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද (31) අලුයම ජපානයේ සහ කටාර් රාජ්‍යයේ රැකියා සඳහා ගොස් සිටි ශ්‍රී ලාංකිකයන් 47ක් දිවයිනට පැමිණ තිබේ.

එම පිරිස අදාළ රටවල සිට ගුවන් යානා දෙකකින් මෙරටට පැමිණි බවට වාර්තා වේ.

කටාර් රාජ්‍යයේ සිට පැමිණි පිරිස අතර එරට නාවිකයන් ලෙස සේවය කළ ශ්‍රී ලාංකිකයන් 41 දෙනෙකු වෙයි.

ඔවුන් සියලු දෙනා කටුනායක ගුවන් තොටුපළේ දී පී.සී.ආර්.පරීක්ෂණවලට ලක් කිරීමෙන් පසුව නිරෝධායන කටයුතු සඳහා යොමු කර තිබේ.