FAST NEWS

24×7 Around the Globe

සාමාන්‍ය පෙළ සිසුන්ට දැනුම් දීමක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පසුගිය වසරේ සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රථිපල නැවත සමීක්ෂණය සඳහා අයදුම්පත්‍ර කැඳවීම අදින් අවසන් වෙයි.   

එම අයදුම්පත්‍ර ලියාපදිංචි තැපෑලෙන් විභාග දෙපාර්තමේන්තුව වෙත යොමු කිරීමට සිසුන් හට අවස්ථාව සලසා දී තිබුණි.

නැවත සමීක්ෂණ අයදුම් පත්‍රය විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට පිවිසීමෙන් ලබා ගැනීමේ හැකියාව පවතින අතර , ඒ පිළිබඳ 1911 ක්ෂණික අංකයෙන් ද විමසීම් කළ හැකි බව විභාග දෙපාර්තමේන්තුව දැනුම් දුන්නේය.