FAST NEWS

24×7 Around the Globe

වේග සීමා ඉක්මවන බර වාහනවල බලපත්‍ර අහෝසි කිරීමේ තීරණයක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – වේග සීමාව ඉක්මවා ධාවනය වන කන්ටේනර් රථ ඇතුළු බර වාහනවල ව්‍යාපාරික බලපත්‍ර අහෝසි කරන බව පොලීසීය පවසයි.

රිය අනතුරු වාර්තා වීම ඉහළ යාම සැලකිල්ලට ගෙන එම තීරණයට එළඹි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න සඳහන් කළේය.