FAST NEWS

24×7 Around the Globe

නිරෝධායනය අවසන් කළ පිරිසක් නිවෙස් වෙත

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද (30) දිනයේ යුද්ධ හමුදාව විසින් පවත්වා ගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුළින් පුද්ගලයින් 174ක් තම නිරෝධායනය අවසන් කර පිට ව යෑමට නියමිතය.

අද වන විට පුද්ගලයින් 28,323ක් නිරෝධායනය අවසන් කර නිවෙස් වෙත පිටව ගොස් ඇත.

ත්‍රිවිධ හමුදාව පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 37ක පුද්ගලයින් 2,298ක් නිරෝධායනය වෙමින් සිටියි.