FAST NEWS

24×7 Around the Globe

මහා පරිමාණ මත්පැන් ස්කාගාරයක් වටලයි

(ෆාස්ට් නිව්ස් | කළුතර) – පොලිසිය විසින් සිදුකළ වැටලීමකදී කළුතර දකුණ මහාහීනිටියන්ගල ප්‍රදේශයේදී බලපත්‍ර නොමැති මත්පැන් ස්කාගාරයක් වටලා සැකකරුවන් 09 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.  

මත්පැන් ස්ප්‍රීතු ලීටර් 4000 ක් , මත්පැන් ලීටර් 2218 ක් , මත්පැන් නිෂ්පාදනයට යොදා ගන්නා යන්ත්‍ර 3 ක් , මිලිමීටර් 180 ක හිස් බෝතල් 15,150 ක් ,බෝතල් මූඩි 40,000 ක් හා රසායනික ද්‍රව්‍ය බෝතල් 04 ක්ද සැකකරුවන් සන්තකයේ තිබි අත්අඩංගුවට ගත් බව ද පොලිසිය පැවසීය.

මීට අමතරව රසයානික ද්‍රව්‍ය බෝතල් , ඇසුරුම් පෙට්ටි , රසයානික මිනුම් උපකරණ තොගයක්ද සැකකරුවන් සන්තකයේ තිබි සොයාගත් බව ද පොලිසිය පවසයි.

සැකකරුවන් අද (30) කළුතර මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරිමට නියමිතය.