FAST NEWS

24×7 Around the Globe

බස්නාහිර පොලිස් මෙහෙයුමකින් පිරිසක් දැලේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – බස්නාහිර පළාත තුල ක්‍රියාත්මක කල විශේෂ පොලිස් මෙහෙයුමකින් තවත් සැකකරුවන් 260 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

ඊයේ (29) පෙරවරු 6 සිට අද (30) පෙරවරු 5 දක්වා මෙම මෙහෙයුම ක්‍රියාත්මක කර තිබේ.

සැකකරුවන් අතරින් වැඩිම පිරිසක් අත්අඩංගුවට ගෙන ඇත්තේ හෙරොයින් සම්බන්ධ චෝදනා යටතේයි.

එම සංඛ්‍යාව 127 ක් , ගංජා ලග තබාගත් 55 ක් , නීති විරෝධි මත්පැන් සම්බන්ධ චෝදනා යටතේ 59 ක් ගෝඩා හා අයිස් ලග තබාගත් 10 ක් මෙන්ම වෙනත් වැටලීම් වලින් 09 ක්ද අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසුවේය.