FAST NEWS

24×7 Around the Globe

මැතිවරණ ප්‍රචාරක කටයුතු අගෝස්තු 02න් අවසන්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අගෝස්තු 02 වැනිදා මධ්‍යම රාත්‍රී 12.00 ට පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව සියලු ප්‍රචාරක කටයුතු අවසන් කළ යුතු බව මැතිවරණ මහ ලේකම් කාර්යාලය පවසයි.

ඉන් පසුව මැතිවරණය පැවැත්වෙන දින දක්වා නිහඬ කාලයක් තිබෙන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් එස්. රත්නායක සඳහන් කළේය.

මෙවර පාර්ලිමේන්තු මැතිවරණය ඡන්ද මධ්‍යස්ථාන 12,985ක පැවැත්වීමට නියමිත අතර ගණන් කිරීමේ මධ්‍යස්ථාන 71 ක් ස්ථාපිතය.

ගණන් කිරීමේ ශාලා 2820ක් ස්ථාපිත කරන බව මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා සදහන් කළේ ය.

මෙවර මැතිවරණය සඳහා පොලීසිය ඇතුළුව රාජ්‍ය සේවකයින් ලක්ෂ තුනහමාරක් පමණ යෙදවීමට නියමිතව තිබේ.

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණය ලබන අගෝස්තු 05 පැවැත්වීමට නියමිතය.