FAST NEWS

24×7 Around the Globe

එජාපයෙන් ඉවත්කළ පිරිසගේ නම් මැතිවරණ කොමිසමට [RELEASE]

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – එජාප කෘත්‍යාධීකාරි මණ්ඩල තීරණයකට අනුව පක්ෂයෙන් ඉවත් කල 115 දෙනාගේ නම් අද (30) මැතිවරණ කොමිසම වෙත දැනුම් දෙන බව එක්සත් ජාතික පක්ෂය පවසයි.  

පක්ෂ ආරංචි මාර්ග සඳහන් කළේ අදාළ නාමලේඛන මැතිවරණ කොමිසම වෙත ගොස් භාරදීමට නියමිත බවයි.

එමෙන්ම පක්ෂයෙන් ඉවත් කළ අයට ඒ බව දැනුම් දෙන ලිපි අද තැපෑල වෙත යොමුකරන බවද පක්ෂයේ ප්‍රකාශකයෙකු සඳහන් කර සිටියේය.