FAST NEWS

24×7 Around the Globe

අගෝස්තු 10න් පසු පාසල් පැවැත්වෙන අයුරු [RELEASE]

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  නිවාඩු ලබාදුන් රජයේ පාසල් සහ රජය අනුමත පෞද්ගලික පාසල් සෞඛ්‍ය බලධාරීන් විසින් ලබා දී ඇති නිර්දේශයන්ට  අනුකූල ව නැවත ආරම්භ කිරිම පියවර කිහිපයක් යටතේ සිදුකිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් තීරණය කර ඇත.    

ඒ අනුව 5,10,11,12 සහ 13 යන ශ්‍රේණි සඳහා පමණක් සතියේ දින පහ තුළ ම පාසල් පැවැත්වෙනු ඇත.

1,2,3 සහ 4 යන ශ්‍රේණි සඳහා පාසල් පවත්වනු ලබන්නේ සතියට එක් දිනක් පමණි.

මේ අතර, පාසල්වල ශිෂ්‍ය සංඛ්‍යාව පදනම් කරමින් සිසුන් පාසලට ගෙන්වා ගැනීමට ද තීරණය කර තිබේ.