FAST NEWS

24×7 Around the Globe

පර්පචුවල් ට්‍රෙෂරීස් ගිණුමකින් මුදල් මුදාහරින ලෙසට අධිකරණය දන්වයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  මහ බැංකු බැදුම්කර වංචාව සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගමේ තත්කාලින දඩ ගෙවීම් පද්ධති ගිණුමෙන් රුපියල් 15 ලක්ෂ අටදහසක මුදලක් එම සමාගෙමේ මුදල් අයෝජනය කළ කාන්තාවක් වෙත මුදාහැරීමට පියවර ගන්නා ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න අද (29) මහ බැංකු අධිපතිවරයාට නියෝග කළාය.   

මෙම කාන්තාව නීතිඥවරයෙකු මාර්ගයෙන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ තමන් විසින් අදාළ සමාගමේ සිදුකළ ආයෝජනය වෙනුවෙන් මෙම මුදල ලාභාංශ ලෙස ලැබීමට නියමිතව තිබූ බවයි.

මේ අතර පර්පචුවෙල් ට්‍රේෂරීස් සමාගමේ සභාපති ජෙෆ්රි ඇලෝසියස් අධිකරණයට හමුවේ පෙනී සිටිමින් මෙම ආයෝජිකාව විසින් ආයෝජනය කළ මුදල් කල් පිරී තිබේ නම් එය මුදා හැරීම සම්බන්ධයෙන් විරෝධයක් නොමැති බව සිය නීතිඥවරයා මාර්ගයෙන් කියා සිටියා.

ඒ අනුව අදාල මුදල මෙම කාන්තාවට ගෙවන ලෙස මහ බැංකු අධිපතිවරයාට නියෝග කළ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරිය මෙම පැමිණිල්ල යලි කැදවන නොවැම්බර් මස 12 වනදා බැදුම්කර වංචාව සම්බන්ධයෙන් සිදු කෙරෙන පරික්ෂණවල ප්‍රගතිය වාර්තා කරන ලෙස අපරාධ පරීක්ෂණ දොපාර්තමේන්තුවට නියෝග කළේය.