FAST NEWS

24×7 Around the Globe

ජනාධිපති කොමිසමෙන් මාධ්‍ය ආයතන වෙත නියෝගයක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මහ මැතිවරණ සමය අවසන් වන තෙක් දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයාබැලීමේ ජනාධිපති කොමිසමේ සාක්ෂි ලබාදීමෙන් පසු, ඉන් පිටතට පැමිණෙන සාක්ෂිකරුවන්ගෙන් ප්‍රකාශ ලබා ගැනීම අත්හිටුවන ලෙස මාධ්‍ය ආයතන වෙත දැනුම් දීමක් සිදුකර ඇත. 

ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරුවරයා විසින් මෙම නියෝගය දී ඇති බවට වාර්තා වෙයි.

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා විසින් පසුගිය දා ජනාධිපති කොමිසම වෙත ලිපියක් යොමු කරමින් සඳහන් කළේ මැතිවරණ සමය අවසන් වන තෙක් සාක්ෂිකරුවන් විසින් මාධ්‍ය වෙත ප්‍රකාශ සිදුකිරීම වැළැක්වීමට අවශ්‍ය පියවර ගැනීම පිළිබඳ සලකා බලන ලෙසය.