FAST NEWS

24×7 Around the Globe

එජාප සාමාජිකත්වය අහෝසි කළ පිරිසට ලිපි යැවීම අද

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  එජාපයේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කළ 115 දෙනාට ඊට අදාළ ලිපි අද (29) යොමුකරන බව එම පක්ෂයේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාරියවසම් පවසා සිටියි.    

එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය ඊයේ (28) රැස්වූ අතර, එහිදී තීරණය කෙරුණේ සමගි ජන බලවේගයෙන් මහ මැතිවරණයට ඉදිරිපත්ව සිටින 54 දෙනෙකුගේ සහ එම පක්ෂයට සහය පළ කළ පළාත්පාලන මන්ත්‍රීවරුන් 61 කගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමටයි.